Posts

Showing posts from October, 2020

නැවතියන් මේ හුස්ම මගේ රන්කද ළගම......

Image
‌කාය ශක්තිය මෙතරම් කියා ලෝකයා ඉදිරියේ  කෑගසා කියන පිය  හදවත් තුළ,  ඇතුලාන්තය දයදිය පිරුණු කටුක ලේ විලක් බව දරු හදවතට නෑහුනේ මන්ද? රස භ‌ොජුන් පසුපස ඇත්තේ ලෝකයාට ඉහිලිය නොහැකි දුකක් බැව් තේරුම් ගැනීමට  අප උත්සාහ කරද්දී පවා ඒ සිත නොසැලුනේ වචනය‌ේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔහු පියෙකු වන බැවිනි. දෑතේ කරගැටවල වේදනාව ඒ හිත තරම් නොදන්නා තවකෙකු ලොව නැති තරම්ය. කුසට අහරක් නොගන්නා ඒ පිරිමි  සිතේ ඇතුළාන්තය මුදු මොළ‌ොක් දරු පෙමට ලිය වුණ‌ේ ඔවුන් උපන්දාමය. කෘෂ ශරීරයට උරුමකම් කියන ඒ පියාා පැතුවේ තවත් කෘෂ වූ දරුවෙකු නොව ලෝකයා පෙරලිය හැකි සද්ධන්තයෙකි. තම වත ලෝකයාට  වැරහැල්ලක් වෙද්දී දරු වත රාජ කුමරකු ලෙස සැරසීමට තරම් ඒ හිතට පරාර්ථකාමී විය හැකිද? මෙවන් සුවිසල් දුකක් විදින ඒ හිතට  දරු සෙනෙහස මෙතරම් කාය ධෛර්යක්, චිත්ත ධෛර්යක් වුණේ සැබැවින්ම ඔහු මෙලොව වැඩ හිදින සර්ව බලධාරී මහා බ්‍රහ්මයාගේ ප්‍රතිරූපය වන බැවින්ද? කුමට හිරු සදු  මගේ දිවියට......  පියාණෙනි මග‌ෙ හුස්ම නුඹවේය සදහටම..... මතු භවෙත් මා නුඹේ දියණිය ම වූ විගස..... නැවතියන් මේ හුස්ම මගේ රන් කද ළග‍‍‍‍ම.....   ...

ගණිකාවකට විය නොහැකිද මවක්........???

Image
                 ඇය දරු  ස්නේහය හදවතේ දරාගත්, ගත මිල කරන ගණිකාවකි. ඇය ගණාකාවක් වූූූූයේ සල්ලාල සමාජයට විනා ද‌ාරක ස්නේහයට නොවේ. කළු කබායක් පැළද ගත් කාමුක සිගන්නන් ඇය වටා  පොරකනුුුුයේ ගතට මත් වී මිස හෙට දිනයේ ඇයගේ කිරි‌ළොල් පුුතුට පියෙක් වීමට නොවේ. සැබැ වින්ම ඇය ගණිකාවක් වූයේ සමාජය ගොඩනගා ගත් මතය හේතුවෙනි. හෙට දිනයේ ඇගේ සාපය මුළු මහත් පුරුෂ සමාජයම වෙලාගනු ඇත. එහි දී සියල්ලෝම ඒ සාපයේ ගිලෙති. යතාර්ථය නම් ඒ සාපයට ඇයග‌ේ පතිවත නැවත ගොඩ නැගීමට න‌ොහැකි බවයි.                                               කන්‍යා භාවය ට පෙම් බදින පිරිමීහු හුදෙක් ඇයග‌ේ කන්‍යා භාවය කෙළෙසුවේ කෙසේ ද යන්න පැනය‌ේ දී ගොළුවන් වෙති. කාසි මත සතපවන ඇය ද පිරිමියා ඉදිරිය‌ේ අවලංගු කාසියකි. ප්‍රශ්නය නම් අවලංගු කාසියකට තම පුතු නාමය‌ෙන් වලංගු සැමියෙක්  ලැබිය නොහැකිද යන්නයි????                       ...

සන්නිවේදනය හා සිතුවිලි

Image
  සිතුවිලි   යනු පුද්ගල මනස තුළ ඇති වන්නා වූ ප්‍රබල  ශක්තියක් වන අතර  සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කරගැනිම ලෙස සරලව දැක්‌විය හැක.මෙම අංග දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී පවතී. එක් එක් පුද්ගලයාගේ සමාජ  මට්ටම, අධ්‍යාපන මට්ටම, තේරුම් ගැනීමේ හැකියාව මත ඔවුන් සන්නිවේදනය ඔස්සේ තම සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය තීරණයවේ.                                  කුමන පරිසරයක දී වුවද අප වෙත සම්ප්‍රේෂණය වන්නා වූ තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීම හෝ ක්‍රියාත්මක නොවීම සදහා බලපානුයේ සිතුවිල්ලයි. මෙය අන්තර්වර්තී පුද්ගල, පුද්ගලාන්තර, සමූහ, සත්ත්ව සහ අතථ්‍ය ආදී සෑම සන්නිවේදන වර්ගයක් සදහාම බලපානු ලබයි.                              එක් එක් අවස්ථාවලදී අප යහපත් සන්නීවේදන ප්‍රතිචාරයන් මෙන්ම අයහපත් ප්‍රතිචාරයන්ද ඉදිරිපත් කරනුයේ එකිනෙකාට වෙනස් වූ චිත්ත පරස්පරතාව හේතුවෙනි. යම් පුද්ගලයකුට ගෞරව කිරීමටත් තවකෙකු ඝාතනය කිරීමටත් ආදී පරස්...