ගණිකාවකට විය නොහැකිද මවක්........???
ඇය දරු ස්නේහය හදවතේ දරාගත්, ගත මිල කරන ගණිකාවකි. ඇය ගණාකාවක් වූූූූයේ සල්ලාල සමාජයට විනා දාරක ස්නේහයට නොවේ. කළු කබායක් පැළද ගත් කාමුක සිගන්නන් ඇය වටා පොරකනුුුුයේ ගතට මත් වී මිස හෙට දිනයේ ඇයගේ කිරිළොල් පුුතුට පියෙක් වීමට නොවේ. සැබැවින්ම ඇය ගණිකාවක් වූයේ සමාජය ගොඩනගා ගත් මතය හේතුවෙනි. හෙට දිනයේ ඇගේ සාපය මුළු මහත් පුරුෂ සමාජයම වෙලාගනු ඇත. එහි දී සියල්ලෝම ඒ සාපයේ ගිලෙති. යතාර්ථය නම් ඒ සාපයට ඇයගේ පතිවත නැවත ගොඩ නැගීමට නොහැකි බවයි.
කන්‍යා භාවයට පෙම් බදින පිරිමීහු හුදෙක් ඇයගේ කන්‍යා භාවය කෙළෙසුවේ කෙසේ ද යන්න පැනයේ දී ගොළුවන් වෙති. කාසි මත සතපවන ඇය ද පිරිමියා ඉදිරියේ අවලංගු කාසියකි. ප්රශ්නය නම් අවලංගු කාසියකට තම පුතු නාමයෙන් වලංගු සැමියෙක් ලැබිය නොහැකිද යන්නයි????
ඇයගෙන් කම් රතිය පුරව ගන්නෝ සැබැවින්ම ඇයට සැමියෙකු නොවන්නෝය. තාවකාලික සැමියෙකුගේ පහසට ගොදුරු වන ඇය පතනුයේ සදාතනික පෙමකි. එකී පෙමෙහි වලංගු භාවය නම් එය හෝරා කිහිපයකට සීමා වීමකි. දරුවෙකු දරාගත් ගණිකාවකගේ යතාර්ථය මෙයයි.......
රක්ත දෙතොල සායම් කොට, ගත වස්ත්‍ර මදකොට ,මුදල් ඇතිරූ සයනයෙහි සැතපුනිමි සුපුරුදු විලස...... කාමයේ ගිනනෙන් රත් වූ කල ගත , දරු ස්නේහයෙන් රත් විය හද, ඇසුවෙමි පැනයක් ඔහුගෙන් ද "හැකිද වන්නට පිතු, මගේ පුතු හට "
මත් බඹර හද තුළට , කෙසේනම් ඇසේද පපු ගින්න , ඔහු ඇත්තේ යහන මත, ගිලන් බඔරකු විලස ......... වැටුණි සුපුරුදු එළිය, ඔහු ගියේ ගත සරකොට, නොලැබුවෙමි පිළිතුරක් ඒ පැනයට , කබාය දැරු ඒ සිගන්නාගෙන්වත් .... නැවත ඇය බලා සිටී කාමයේ දොරටු ළග, ලැබෙන තුරු පිය සෙනෙහස, අවජාතක පුතු හට
ගණිකාවක් වුවද දරු සෙනෙහස ඉදිරියේ ඇගේ රුහිරු කිරි වුණිනම් සැබැවින්ම ඇයට උතුම් මවක් විය නොහැක්කේ මන්ද?????
සත්සරණී....

👍👍
ReplyDeleteලස්සනට ලියලා 👍❤️
ReplyDeleteනියමයි 😍👌
ReplyDeleteNiyamay❤️
ReplyDeleteNiyamay❤️
ReplyDelete💛💛
ReplyDelete❤️👍
ReplyDeleteසතා කියා ඉදහිටකදි ඇහුනා...ට
ReplyDeleteකතා හදන උන් සේරම බෝසත් ද 😁
දාරක ප්‍රෙමය සුරකින්නටත් අඩුවක් නැතුව එය ලබා දෙන්නටත් වෙර දැරීමකි....නියමයි ඈ.......
ReplyDelete👍👍
ReplyDeleteLassni
ReplyDeleteThnxxx all😍😍
ReplyDeleteNiyamai..
ReplyDelete🖤🖤🖤
ReplyDeletesuperb nangoo aththa samajaya mona widiyata hithuwayh aththa kathawa mekaii .......
ReplyDelete👍Niyamai
ReplyDeleteGood
ReplyDelete