නැවතියන් මේ හුස්ම මගේ රන්කද ළගම......
කාය ශක්තිය මෙතරම් කියා ලෝකයා ඉදිරියේ කෑගසා කියන පිය හදවත් තුළ, ඇතුලාන්තය දයදිය පිරුණු කටුක ලේ විලක් බව දරු හදවතට නෑහුනේ මන්ද? රස භොජුන් පසුපස ඇත්තේ ලෝකයාට ඉහිලිය නොහැකි දුකක් බැව් තේරුම් ගැනීමට අප උත්සාහ කරද්දී පවා ඒ සිත නොසැලුනේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔහු පියෙකු වන බැවිනි.
දෑතේ කරගැටවල වේදනාව ඒ හිත තරම් නොදන්නා තවකෙකු ලොව නැති තරම්ය. කුසට අහරක් නොගන්නා ඒ පිරිමි සිතේ ඇතුළාන්තය මුදු මොළොක් දරු පෙමට ලිය වුණේ ඔවුන් උපන්දාමය. කෘෂ ශරීරයට උරුමකම් කියන ඒ පියාා පැතුවේ තවත් කෘෂ වූ දරුවෙකු නොව ලෝකයා පෙරලිය හැකි සද්ධන්තයෙකි. තම වත ලෝකයාට වැරහැල්ලක් වෙද්දී දරු වත රාජ කුමරකු ලෙස සැරසීමට තරම් ඒ හිතට පරාර්ථකාමී විය හැකිද?
මෙවන් සුවිසල් දුකක් විදින ඒ හිතට දරු සෙනෙහස මෙතරම් කාය ධෛර්යක්, චිත්ත ධෛර්යක් වුණේ සැබැවින්ම ඔහු මෙලොව වැඩ හිදින සර්ව බලධාරී මහා බ්රහ්මයාගේ ප්රතිරූපය වන බැවින්ද?
කුමට හිරු සදු මගේ දිවියට...... පියාණෙනි මගෙ හුස්ම නුඹවේය සදහටම.....
මතු භවෙත් මා නුඹේ දියණිය ම වූ විගස..... නැවතියන් මේ හුස්ම මගේ රන් කද ළගම.....
සත්සරණී......

👍👍
ReplyDelete👌👌
ReplyDeleteBEST ♥️😍
ReplyDelete👌👌
ReplyDeletegood
ReplyDeleteWow
ReplyDelete👉💜️💜️
ReplyDeleteLssnai
ReplyDelete