Posts

Showing posts from November, 2020

රේල් පීල්ලකට යට වුණ දුක්ඛිත ජීවිතය .

Image
 දුම්රිය දෙපස ජීවත් වන්නා වූ පැල්පත් වාසීන්ගේ දුක්ඛිත ජීවිතය මෙලෙස අකුරු කරමි... තමාටයයි ස්ථීර වූ පදිංචියට ස්ථානයක් නොමැති ඔවුහු තාවකාලික වූ පැල්පත්වලට උරුමකම් කියති. ලී, ඉටි රෙදි යොදාගත් ඔවුන්ගේ මාලිගය හුදෙක් ඔවුන්ට ආස්වාදජනක වුවද දකින්නන් ශෝක කරවන්නකි. අන්‍යොන්‍ය වශයෙන් එකිනේකාට බද්ධව පවතින මෙකී පැල්පත් තුළ පෞද්ගලිකත්වය යනු හීනයකි.. පැල්පතෙන් එහා ලෝකයක් නොදකින ඔවුන් සිරගතකරුවන් ලෙස තම ජීවිතවලට හුරුව ඇත.. ජීවිතයේ ඉදිරියක් නොහිතන ඔවුන් තම පැල්පතට වී එදිනෙදා කුස පුරවා ගැනීමට උත්සුක වීම ඛේදනීයය. පැල්පත්හී ජීවත් වන අහිංසක පැටවු ලෝකය දකින්නේ කවදා ද? සැබැවින්ම ඔවුන්ට ලෝකයක් තිබේද? වැරහැලි ඇඳුමක් ඇදගන්නා දරු කැල රේල් පාර ළඟටවිත් තම කෙළිදමේ නිරතවනුයේ ඔවුන්ගේ ලෝකය ඉන් ඔබ්බට කිසිදා නොදකින හෙයිනි. සැබැවින්ම ඇතැම් අවස්ථාවකදී ඔවුන්ට අධ්‍යාපනය පවා හීනයකි. යම් වාසනා ගුණයකින් අධ්‍යාපනය ලබන උන් පවා එහි නිරත වනුයේ අකලටය. කෙතරම් අඩුපාඩු පවතින කලක වුවද රේල් පිලී අභියස සිටිමින් දුම්රිය යන කල පානූ ලබන ඔවුනගේ අව්‍යාජ හිනාව දුම්රිය මගීන්ගේ අනුකම්පා රසයට ගොදුරු වන්නකි. වැරහැලි ඇ...