භාෂාව.....

                     අප සියලු දෙනාම සතුව පවතින්නා වූ අමිලමය සම්පතක් ලෙස භාෂාව දැක්වීම නිවැරදිය. භාෂාව යනු අපට උත්පත්තියෙන් ම ලැබෙන දෙයක් නොව එය ප්‍රගුණ කළ යුත්තකි. පුද්ගලයෙකුට උත්පත්තියෙන් භාෂා ශක්‍යතාව හිමිවන අතර ඔහු හෝ ඇය අවුරුදු එකහාමාරක් දෙකක් පමණ කාලය තුළ තමා වැඩෙන්නා වූ පරසරය මත තම භාෂාව ප්‍රගුණ කිරීමක් සිදුකරනු ලබයි. මෙලෙස ප්‍රගුණ කරන්නා වූ භාෂාව හරහා අදහස්, සිතුවිලි, හැගීම් ප්‍රකාශය මෙන්ම දෛනික කටයුතු ද සිදු කරනු ඇත.

භාෂාව කවදා කෙසේ ආරම්භ වූවක් ද යන්න නිශ්චිතව කිව නොහැකි අතර එය දෙවියන් වහන්සේ මැවූ බවට බොහෝ දෙනා විශ්වාස කරති. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව ද විවිධ මත දක්නට ලැබේ.
                 1. රූසෝට අනුව භාෂාව දේව නිර්මාණයක් නොව එය මිනිසා විසින් තම අවශ්‍යතා උදෙසා ගොඩනගා ගත්තකි.
                2. කොන්ඩිලැක්ට අනුව භාෂාව අතීත ගැහැනියක හා පිරිමියෙක් හැගීම් හුවමාරුවේදී කායික චලනයන් මෙන්ම යම් යම් ශබ්දයන්ද නිකුත් කර ඇත. ඒවා නැවත නැවත සිදුවීමත් එම ශබ්දයන් පරම්පරාවෙන් පර්ම්පරාවට ගෙන යාමත් නිසා භාෂාවට වචන එක් වූ බවත් එමගින් භාෂාව නිර්මාණය වු බවත් දක්වයි.
              3. හර්ඩර් දක්වනුයේ භාෂාව යනු දේව මැවීමක් නොව එය දෙවියන් විසින් නිර්මාණය කොට මිනිස් මොළයට ඇතුළත් කර ඇති බවයි
.

කෙසේ වෙතත් මිනිසා විසින් නිර්මාණය කරන ලද නිර්මාණයන් අතරින් වඩාත් වැදගත් නිර්මාණය භාෂාව බව වාග් විද්වතුන්ගේ මතයයි.
යමෙකු භාෂාව පිලිබඳ අධ්‍යනය කරන්නේ නම් ඔහු ඒ සමාජය පිලිබඳ දැනුවත්බාවය හා අධ්‍යනය ඉතා වැදගත්වනු ඇත. භාෂාව භාවිතය සොයා බැලීමේදී එය භාවිත කරන ප්‍රධාන කොටස් දෙකක් දැකිය හැක. එනම්,
                 1. තම අධ්‍යනයේ කොටසක් ලෙස භාෂාව අධ්‍යනය කරන් පිරිස්
                2. භාෂාව ප්‍රධාන විෂයම බවට පත්කොටගෙන භාෂාව අධ්‍යනය කරන පිරිස්.

මින් පළමු කොටස භාෂා භාවිතයත් දෙවන කොටස භාෂා ස්වරූපයත් අධ්‍යනය කරයි.
මනුෂ්‍යන් ලෙස අපවෙත ලැබී ඇති සුවිශේෂ හැකියාවක් ලෙස භාෂාව දැක්වීම නිවැරදිය. එය සත්ත්වයන්ගෙන් මිනිසා වෙන්කොට දක්වනු ලබන හා ශිෂ්ට සම්පන්න බව තහවුරු කරන ප්‍රධානම අංගය ලෙස දැක්වීම නිවැරදිය..



                          සත්සරණී......

Comments

  1. බසනම් අලංකාරය
    හැසුරුම භයංකාරය
    සවන යහපත වෙනුවෙන
    සංයම බසක් තිබිය යුතුමය

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

සන්නිවේදනය හා සිතුවිලි

ගණිකාවකට විය නොහැකිද මවක්........???