බාට දෙක.......
නුඹ ඉදියා දුක සැපට
නුඹ දනී තතු සියලු
කෙරූ සටන්
පොළෝ මත.....
මහ දනන් ඉදිරියෙහි
නුඹද මා වැන්නකී
නිතර දෙපයට පෑගෙන
උන්ගෙ පුරසාරමෙන්....
නුඹට බාට දෙක
නමින් පබදින
උන්ගෙ ලොකුකම් ඉදිරියේ
මාගෙ දුක් කඳ
දරා නිහඬව
ගෙවී ඇත අද ජීවිතේ......
වේය නුඹ මට
සඟල මිරිවැඩි
දුක් දරාගත්
සියලු ජීවන......

Best
ReplyDeleteGreat
ReplyDelete❤️🥂
ReplyDelete❤️❤️
ReplyDelete👌👍👍
ReplyDeleteSuper.keep it up💪
ReplyDelete