වීදිකොණේ ඇත තාමත් සෝපාකලා
සඳක් ඉකිබිදී අහසින් බිමට වැටිලා ටිකිරි සිනා මුවග දූවිල්ලකින් වැසිලා වැසි දියක් නොදැකි පොළව සේ කුස පොත්ත ඉරි තැලිලා අම්මගේ ඇකයේ සුවය නොදැනෙනා මහ පොළව ඇත නිදන්නට සයනය වෙලා වීදි කොණක අසරණ දෑස් අයා දෑත පාන්නේ ජීවිතේ ඉල්ලා මහරු දනන් යතී මාවතේ පුරා මනුස්සකම් ඇත කොහේදෝ වල්බිහි වෙලා කිරි සිහින බොදවී ගිහින් කදුලු වැටිලා ජීවිතේ බර දැනී ළපටි හිත බිදුනා සාප්පු වීදුරුවකින් ඈත ලොව දැකලා බරැති සුසුම් පිටවුනේ ඉකියකට ඉඩ දීලා ගත වැරහැල්ල ජීවිතේට අණ්ඩ දමලා සමනල පැටියෙක් ඉකිබිදී වීදි කොණකට වෙලා මලක් අතහැර දැමූවේ කවුරුදෝ මන්දා නෑකමක් කියන්නට නෑයෙක් නොමැති හින්දා සසරේ කොතනකදි හෝ පවු කරපු හන්දා අහරක් සොය සොයා ගවුගනන් ඇවිද්දා හෙට කියා මතු දවසක් හිතන්නත් බැරුවා අවුවැසිවලින් හෙවණ සොය සොයා දිවුවා බාලේ සිහින මහමගටම සින්න වෙලා වීදි කොණේ ඇත තාමත් සෝපාකලා...