රාජකාරිය.......
ජීවිතය යනු මුදලම යැයි සිතීම උපහාසයට කරුණකි.. ඒ තුළ රැකියාව පළමුවැන්න කරගත්තෝ උදේහවා ඒ පසුපස පිපාසයෙන් හඹා යති. අවසන එකී ඇත්තෝ විඩා හරිනුයේ ජීවිත කලකිරීම තුළ වීම කාලයාම පෙන්වා දෙන්නකී.. උදෑසන පිටවන්නෝ රාත්‍රියට ද පරිගණකය ඉදිරියේ ඒ දෙස බලාගත් අතම සිටිති. ඒ දෙස බලා සිටින බිරිද දාසබාරියක් වන්නේ සැමියාගෙන් නිදහසක් ඉල්ලන්නට ගොසිනි. සැබෑවක්ය, ඇය සැමියාගේ සියල්ල කරදෙන දාසබාරියකි. නමුත් ආදරේ නාමෙන් ඇය හා මොහොතක් ගෙවන්නට බැරි ඔහුගේ ජීවිතය දෙස බලා දිනපතා ඇය හූල්ලනුයේ තමා වැන්දඹුවක යැයි උපකල්පනය කොටගෙනය. රාජකාරිය නම් අවශ්‍යය. නමුත් එය ජීවිතයම කරගැනීම අණුවනකමක්ය මන්දයත් ඉන් දුක් විදිනුයේ ඔහු හා ජීවිතයම කැප කරන බිරිදය........
රාජකාරිය
නුඹේ දේවකාරිය
නිදහසක් නැති
දේව සාපය.....
මම දාසබාරිය
නැගූ දොසින්
කදුලු හූල්ලන......
එක් දිනක
වසන්තය
උදාවන්නට බලමින
දින ගෙවන
මම නුඹේ
තවම දාසබාරිය.....
මිදෙනු රාජකාරිය
මොහොතක් රැදෙන්නට
නිදහසක් ඉල්ලන
මම නුඹේ
කන්නලව්කාරිය....

වටින ලිපියක්
ReplyDeleteBest
ReplyDeleteනියමයි💛
ReplyDeleteGreat
ReplyDeleteGOOD 👍
ReplyDeleteNiymai
ReplyDelete