Posts

විවාහය

Image
 පෙමක් හෝ යෝජනාවක් මත  මහ පොතක් දිග හරිමින දිවුරාන දුන් පොරොන්දුව මා ඔබත් ඔබ මාත් දිවි තුරා රකිනා ලෙස ...... පෝරුවක් මත සිට කියා අෂ්ඨක යහමින දෙමාපිය අසිරි මැද නික්ම යන යුවලට...... පටන් ගත් නව දිවිමග යන අතර පල වැඩිවෙන සුරතල් සිනා දකිමින පියා මව නම් දරමින.... ගෙවෙන ජීවිත දින දින සතුට පැතිරෙයි උතුරන නමුත් මේ ජීවිත ගෙවන්නේ පිරිස් අඩුවෙන.... සතුට හෝ දුක යන මිහිරි අමිහිරි ගෙන දෙන වචනය වේය මෙය විවාහය යැයි පබදින......                                 සත්සරණී........

වීදිකොණේ ඇත තාමත් සෝපාකලා

 සඳක් ඉකිබිදී අහසින් බිමට වැටිලා ටිකිරි සිනා මුවග දූවිල්ලකින් වැසිලා වැසි දියක් නොදැකි පොළව සේ  කුස පොත්ත ඉරි තැලිලා අම්මගේ ඇකයේ සුවය නොදැනෙනා මහ පොළව ඇත නිදන්නට සයනය වෙලා වීදි කොණක අසරණ දෑස් අයා දෑත පාන්නේ ජීවිතේ ඉල්ලා මහරු දනන් යතී මාවතේ පුරා මනුස්සකම් ඇත කොහේදෝ වල්බිහි වෙලා කිරි සිහින බොදවී ගිහින් කදුලු වැටිලා ජීවිතේ බර දැනී ළපටි හිත බිදුනා සාප්පු වීදුරුවකින් ඈත ලොව දැකලා බරැති සුසුම් පිටවුනේ ඉකියකට ඉඩ දීලා ගත වැරහැල්ල ජීවිතේට අණ්ඩ දමලා සමනල පැටියෙක් ඉකිබිදී වීදි කොණකට වෙලා මලක් අතහැර දැමූවේ කවුරුදෝ මන්දා නෑකමක් කියන්නට නෑයෙක් නොමැති හින්දා සසරේ කොතනකදි  හෝ පවු කරපු හන්දා අහරක් සොය සොයා ගවුගනන් ඇවිද්දා හෙට කියා මතු දවසක් හිතන්නත් බැරුවා අවුවැසිවලින් හෙවණ සොය සොයා දිවුවා බාලේ සිහින මහමගටම සින්න වෙලා වීදි කොණේ ඇත තාමත් සෝපාකලා...

රාජකාරිය.......

Image
           ජීවිතය යනු මුදලම යැයි සිතීම උපහාසයට කරුණකි.. ඒ තුළ රැකියාව පළමුවැන්න කරගත්තෝ උදේහවා ඒ පසුපස පිපාසයෙන් හඹා යති. අවසන එකී ඇත්තෝ විඩා හරිනුයේ ජීවිත කලකිරීම තුළ වීම කාලයාම පෙන්වා දෙන්නකී.. උදෑසන පිටවන්නෝ රාත්‍රියට ද පරිගණකය ඉදිරියේ ඒ දෙස බලාගත් අතම සිටිති. ඒ දෙස බලා සිටින බිරිද දාසබාරියක් වන්නේ සැමියාගෙන් නිදහසක් ඉල්ලන්නට ගොසිනි. සැබෑවක්ය, ඇය සැමියාගේ සියල්ල කරදෙන දාසබාරියකි. නමුත් ආදරේ නාමෙන් ඇය හා මොහොතක් ගෙවන්නට බැරි ඔහුගේ ජීවිතය දෙස බලා දිනපතා ඇය හූල්ලනුයේ තමා වැන්දඹුවක යැයි උපකල්පනය කොටගෙනය. රාජකාරිය නම් අවශ්‍යය. නමුත් එය ජීවිතයම කරගැනීම අණුවනකමක්ය මන්දයත් ඉන් දුක් විදිනුයේ ඔහු හා ජීවිතයම කැප කරන බිරිදය........ රාජකාරිය නුඹේ දේවකාරිය නිදහසක් නැති දේව සාපය..... මම දාසබාරිය නැගූ දොසින් කදුලු හූල්ලන...... එක් දිනක වසන්තය උදාවන්නට බලමින දින ගෙවන මම නුඹේ තවම දාසබාරිය..... මිදෙනු රාජකාරිය මොහොතක් රැදෙන්නට නිදහසක් ඉල්ලන මම නුඹේ කන්නලව්කාරිය....                         ...

කොට්ටය

Image
මෙලොවින් සමුගත්දාක අවසන් වරට වැළලුණු තැනට දවසක ඇවිත් කරපන් අතීතාවර්ජනය....... වැටෙයි කදුලු ගංඟාවක් සොහොනම යටවෙන්න පුලුන් අතර හිරවුණු අපිරිමිත කදුලින්.......                     සත්සරණී...........

බාට දෙක.......

Image
ජීවිතේ හැමතැනම නුඹ ඉදියා දුක සැපට නුඹ දනී තතු සියලු කෙරූ සටන් පොළෝ මත..... මහ දනන් ඉදිරියෙහි නුඹද මා වැන්නකී නිතර දෙපයට පෑගෙන උන්ගෙ පුරසාරමෙන්.... නුඹට බාට දෙක නමින් පබදින උන්ගෙ ලොකුකම් ඉදිරියේ මාගෙ දුක් කඳ දරා නිහඬව ගෙවී ඇත අද ජීවිතේ...... වේය නුඹ මට සඟල මිරිවැඩි දුක් දරාගත් සියලු ජීවන......                                                 සත්සරණී......

භාෂාව.....

                     අප සියලු දෙනාම සතුව පවතින්නා වූ අමිලමය සම්පතක් ලෙස භාෂාව දැක්වීම නිවැරදිය. භාෂාව යනු අපට උත්පත්තියෙන් ම ලැබෙන දෙයක් නොව එය ප්‍රගුණ කළ යුත්තකි. පුද්ගලයෙකුට උත්පත්තියෙන් භාෂා ශක්‍යතාව හිමිවන අතර ඔහු හෝ ඇය අවුරුදු එකහාමාරක් දෙකක් පමණ කාලය තුළ තමා වැඩෙන්නා වූ පරසරය මත තම භාෂාව ප්‍රගුණ කිරීමක් සිදුකරනු ලබයි. මෙලෙස ප්‍රගුණ කරන්නා වූ භාෂාව හරහා අදහස්, සිතුවිලි, හැගීම් ප්‍රකාශය මෙන්ම දෛනික කටයුතු ද සිදු කරනු ඇත. භාෂාව කවදා කෙසේ ආරම්භ වූවක් ද යන්න නිශ්චිතව කිව නොහැකි අතර එය දෙවියන් වහන්සේ මැවූ බවට බොහෝ දෙනා විශ්වාස කරති. නමුත් ඊට ප්‍රතිවිරුද්ධව ද විවිධ මත දක්නට ලැබේ.                  1. රූසෝට අනුව භාෂාව දේව නිර්මාණයක් නොව එය මිනිසා විසින් තම අවශ්‍යතා උදෙසා ගොඩනගා ගත්තකි.                 2. කොන්ඩිලැක්ට අනුව භාෂාව අතීත ගැහැනියක හා පිරිමියෙක් හැගීම් හුවමාරුවේදී කායික චලනයන් මෙන්ම යම් යම් ශබ්දයන්ද නිකුත් කර ඇත. ඒවා නැවත නැව...

යනු ගමන හුදකලාවක

Image
 අප සියල්ලන්ටම ජීවන ගමන තුළ නොයෙක් දෙනා හා සම්බන්ධතා මුණ ගැසෙනු ඇත. නමුදු අවසානයේ අප අපගේ ඉලක්ක සම්පූර්ණ කරගත  යුතුවන්නේ ස්වෝත්සාහය තුළිනි. ජීවන ගමන තුළ සම්බන්ධතා ඇතිවීම පමණක් නොව නැතිවීමද සාමාන්‍ය කරුනක් බැව් සිහියේ තබාගත යුතුය. කවරෙක් කවදා අපි ළඟ සිටීද යන්න නොසිතා තම ගමන හුදකලාවක යා යුතුය. දිනක වසන්තය මෙන්ම ඉඩෝරයද පැමිණෙන බැව් නිසැකය. එබැවින් වසන්තයේ ඇති බොහෝ දේ ඉඩෝරයේ අප දමා යනු ඇත. මේ බැව් සිහියට ගෙන තම ඉලක්ක සහගත ගමන හුදකලාවක යාම සුදුසු බැව් සිහිපත් කරන්නේ එබැවිනි..                  සත්සරණී......