සන්නිවේදනය හා සිතුවිලි


 සිතුවිලි  යනු පුද්ගල මනස තුළ ඇති වන්නා වූ ප්‍රබල  ශක්තියක් වන අතර සන්නිවේදනය යනු තොරතුරු හුවමාරු කරගැනිම ලෙස සරලව දැක්‌විය හැක.මෙම අංග දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට බැදී පවතී. එක් එක් පුද්ගලයාගේ සමාජ  මට්ටම, අධ්‍යාපන මට්ටම, තේරුම් ගැනීමේ හැකියාව මත ඔවුන් සන්නිවේදනය ඔස්සේ තම සිතුවිලි ක්‍රියාත්මක කරන ආකාරය තීරණයවේ.  

                              කුමන පරිසරයක දී වුවද අප වෙත සම්ප්‍රේෂණය වන්නා වූ තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වීම හෝ ක්‍රියාත්මක නොවීම සදහා බලපානුයේ සිතුවිල්ලයි. මෙය අන්තර්වර්තී පුද්ගල, පුද්ගලාන්තර, සමූහ, සත්ත්ව සහ අතථ්‍ය ආදී සෑම සන්නිවේදන වර්ගයක් සදහාම බලපානු ලබයි. 

                            එක් එක් අවස්ථාවලදී අප යහපත් සන්නීවේදන ප්‍රතිචාරයන් මෙන්ම අයහපත් ප්‍රතිචාරයන්ද ඉදිරිපත් කරනුයේ එකිනෙකාට වෙනස් වූ චිත්ත පරස්පරතාව හේතුවෙනි. යම් පුද්ගලයකුට ගෞරව කිරීමටත් තවකෙකු ඝාතනය කිරීමටත් ආදී පරස්පර සන්නිවේදන ප්‍රතිචාරයන් සදහා යොමු වනුයේ ඒ ඒ අවස්ථාවලදී ඇති වන්නා වු සිතුවිලි ස්වභාව මතය. 

                       යමෙකුට සිතුවිලිවලින් තොරව සන්නිවේදනයේ යෙදිය නොහැකි වන්නා සේම සන්නිවේදනයෙන් තොරව සිතුවිලි ඇතිවිය නොහැක. එබැවින් ප්‍රතිචාර ක්‍රියාවලියේ ආරම්භය ලෙස සිතුවිලි පෙන්‌වා දිය හැක.

                යතෝක්ථය අනුව බලන කල සිතුවිලි හා සන්නිවේදනය යනු එකිනෙකට බද්ධව පවතින ක්‍රියාවලීන් දෙකක එකතුවකි

    


                                 

                                                                         

                                                                                                                                                                                                  සත්සරණී...... 

Comments

Post a Comment

Popular posts from this blog

භාෂාව.....

ගණිකාවකට විය නොහැකිද මවක්........???